සභා ඉතිහාසය

පෑලියගොඩ නගර සභා ඉතිහාසය

පැහැපත් ලියන් විසු හෙයින් පැහැලිය යන අර්ථය මුල් කරගෙන පැහැලියගොඩ යන්නෙන් මෙම ප්‍රදේශය හදුන්වාදී ඇත. පසු කාලීනව පැහැලියගොඩ- පෑලියගොඩ නමින් ව්‍යවහාර කර ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ.

මනිඅක්ඛිත නමැති නා රජෙකු විසින් කැළණි පුරවරය පාලනය කළ බවට ඉතිහාසයේ දක්වා ඇති අතර මුහුදුබඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක් වූ බැවින් එම කාලයේ සිට මෙම ප්‍රදේශයේ ජනතාව විදේශිකයන් හා ගනුදෙනු කළ බවට තොරතුරු ඇත.

එමෙන්ම අනාදිමත් කාලයක සිට ලංකාවේ ඈත පළාත් වල ජනතාව කොළඹ නගරයට වෙළදාම පිණිස පැමිණ ඇත. ඔවුන් පැමිණ ඇත්තේ ගැල් වලිනි. දුරු කතර ගෙවා පැමිණි පිරිස් විවේක ගෙන ඇත්තේ පෑලියගොඩ නගරයට ආසන්නයේ වර්තමානයේ “පට්ටිය හන්දිය” නමින් හදුන්වන ප්‍රදේශයේය. ගැල් වල බැදි හරකුන් (පට්ටිය හන්දිය) විවේක ගැනීමට ගාල් කර වූ ස්ථානය පට්ටිය හන්දිය ලෙස නම් කළ බවට ජනප්‍රවාදයේ සදහන් වේ. තවද පට්ටිය හන්දිය ආශ්‍රිතව කිරි හරක් පසු පාලන වැඩසටහන් ද ක්‍රියාත්මකව පැවතිනි.

ඕලන්ද රාජ්‍ය පාලන සමයේ දී රට තුල නිෂ්පාදිත භාණ්ඩ වෙළදපළට රැගෙන ඒමට ක්‍රමයක් නොමැති වූ හෙයින් ඕලන්ද ජාතිකයන් විසින් ඕලන්ද ඇළ නිර්මාණය කරන ලදි. එය පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භව හැඳල ප්‍රදේශය හරහා කැළණි ගං මුව දොරට පැමිණ මුහුදට එක්වන ලෙස ඉදිකරන ලදි. ග්‍රාමීය ප්‍රදේශ වල නිෂ්පාදන භාණ්ඩ පාලම් පාරු වල පටවා ඕලන්ද ඇල හෙවත් හැමිලිටි ඇල හරහා කැළණි ගං මිටියාවත දිගේ කොළඹට ප්‍රවාහනය කරයි. පෑලියගොඩ නගරයේ තොටලඟ ප්‍රදේශයේ දි ඇළ හා ගඟ හරහා ප්‍රවාහනය කළ භාණ්ඩ ගොඩබිමට ගනී. අද එම ස්ථානය තොටලඟ ලෙස ජනප්‍රවාදයේ පැමිණේ. තොටලඟ ට්‍රෑම්කාර නැවතූම්පලක් ද වර්තමානයේ නව ලෝක වත්ත පිටුපස කොටස ගාල වත්ත තූල වෙළදාම සදහා භාණ්ඩ නිෂ්පාදන රැගෙන පැමිණි පිරිසගේ නැවතුම්පලක් විය. එය ගාල වත්ත ලෙස හදුන්වන ලැබේ.

පෑලියගොඩ නගර සීමාව තුල විශාල අම්බලම් ප්‍රමානයක් පැවතුනි. අතීතයේ දී වෙළදාම් සදහා පැමිණි ජනතාවට රාත්‍රීය ගත කිරීමට සහ වෙහෙස නිවා ගැනීම සදහා මෙවැනි අම්බලම් ඉදිවන්නට ඇත. අම්බලම් අතරින් සිංහයා අම්බලම සුවිශේෂී අම්බලමකි.

කැළණිතිස්ස රජතුමාගේ දුව වන විහාර මහා දේවිය ද මුහුද ගොඩ ගැලීමේදී රට බේරා ගැනීම සදහා මුහුදට බිලි වීම සදහා කැළණි ගඟ මුව දොර පිහිටි ඔලිය මුල්ල හරහා ගමන් කර ඇත. වර්තමානයේද එම ස්ථානය ඔලිය මුල්ල ලෙස ජනප්‍රවාදයේ ඇත.

ශ්‍රී ලංකා මාතෘභූමිය තුල දේශීය රාජ්‍ය බලයන් අඩපන වෙමින් විදේශීය මැදිහත්වීමෙන් ස්වාධීන රාජ්‍යයට තර්ජනයක් එල්ලවන මොහොතක දිනූ බිමත් වැදු මවත් සියල්ලට වඩා උතුම් තේමාවෙන් යුක්තව මෙරට මූන දෙන අධික අභාග්‍ය සම්පන්න දුර දාන්ත සියලු බලවේග වලට මුහුණ දෙමින් සිංහලයේ නරපතී පාලක පාලිකාවෙන් පාලනය කළ මෙරට සිංහල රාජ්‍ය පාලනය රට තුල යලි ඔප මට්ටම් කර ගැනීමෙහිලා ජීවිත පරිත්‍යාගයෙන් රජ කළ 187ක් වන රජ දරුවන්ගේ අන්තිමයේ සිංහල රජු ලෙස ඔටුනු පලන් පෑලියගොඩ “ගොංගාලේ ගොඩ බණ්ඩා” නොහාත් ඩේවිඩ් මහා විරැවා ලෙස ද පෑලියගොඩ උපන් තරැණයෙකි/වැසියෙකි.

ශ්‍රී ලංකා මාතෘභූමිය දිවි හිමියෙන්ම රැකගත් ලෝක පූජිත ඓතිහාසික විරු උපතක් මේ මිහිතලය මත සිදු වී ඇත්නම් එ ගොවි පවුලට උරුමකම් කියන ගොංගාලේ ගොඩ බණ්ඩා සහ ධනපතිවාදී පවුල නියෝජනය කළ හෙන්ඩ්‍රි ජෙදිරිස් විරුවානන්ය.

අතීත ජනප්‍රවාද වල පැවතී එන ආකාරයට පෑලියගොඩ එකම භූමියක හිමිකාරිත්වයෙන් පැවති අතර එහි උරුමක්කරුවන් ලෙස හෙන්ඩ්‍රි ජෙදිරිස් විරුවානන් හැදින්විය හැකිය. මුලු භූමියෙන් 2/3 වන වගුරු බිම්හි මුතුරාජ වෙල දක්වා වූ භූමිය අස්වැද්දු ගොවි දරුවා වන්නේ ගොංගාලේ ගොඩබණ්ඩා විරුවානන්ය. ගොංගාලේ ගොඩබණ්ඩා විරුවානන් අධිරාජ්‍යවාදීන් අත් අඩංගුවට ගනු ලබන්නේ පෑලියගොඩ සිංහ අම්බලම අසලදීය.

ගං ඉවුරු දෙක එකතු කර වික්ටෝරියා පාලම ඉදිවීමත් සමග ගමනා ගමග කටයුතු දියුණුවට පත් වුවද පාලම හරහා ගමන් කිරීමට බිය වූ ජනී ජනයා පාරුවේ නැගී ගං ඉවුර තරණය කර ඇත. හෙන්ඩ්‍රි ජෙදිරිස් සතු ඉඩම් දේපල වලින් නුවර පාර නිර්මාණය කිරීම සඳහාත් ලබා දී ඇත.

  කොළඹ නගරයට ඉතා අසන්නයෙන් පිහිටි නගරයක් වූවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්ම භූමී ප්‍රදේශය හිමිවන්නේ පෑලියගොඩ ප්‍රදේශයටයි. වර්ෂා කාලවලදී නිරතුරුව ගංවතුර ආපදාවන්ට ලක්වන නගරයක් ලෙස මෙය හැදින්විය හැක.

  පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඓතිහාසික වැදගත්කමක් ඇති පිරිවෙනක් වන අතර එහි ගිහි හා පැවදි සිසුන් අධ්‍යාපනය ලබති. ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දිවයන්නේ පෑලියගොඩ නගරය හරහාය. මත්ස්‍ය වෙළද සංකීර්ණය‚ මැණින් වෙළද සැල ඉදිකර ඇත්තේ ද පෑලියගොඩ නගරයේ ය. ඒ අනුව දශක කිහිපයකට මත්තේන් මෙම ප්‍රදේශයේ තිබු සංවර්ධන තත්වයට හාත්පසින් වෙනස් ඉතා සීඝ්‍ර දියුණුවක් අද දක්නට ලැබේ. එහෙත් භෞතික වශයෙන් නගර සංවර්ධනයක් සිදු වුව ද ප්‍රජාවගේ අධ්‍යාත්මික හා භෞතික සංවර්ධන විශාල වෙනසකට පත් වී නොමැත.

මෙම නගරයේ වැඩි පිරිසක් අඩු ආදායම් ලාභී අඩු අධ්‍යාපන මට්ටම් ඇති පිරිස වේ. බොහෝ පිරිසක් පර්චස් 1 වැනි කුඩා බිම් තීරු වල තම නිවෙස් ඉදි කරගෙන ඇත. පැල්පත්වාසීන් හා අනවසර පදිංචිකරුවන් වැඩි පිරිසක් ජීවත් වේ.

vision